තැන් දෙකකදී හෙරොයින් සමඟ 2ක් අත්අඩංගුවට

කඩවත ඇල්දෙණිය ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 100ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

ත්‍රිරෝද රථයකින් එම හෙරොයින් තොගය ප්‍රවාහනය කරමින් සිටියදී කොළඹ දිසා දුෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

සැකකරු කැලණිය දළුගම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙක්.

තවද, හෙරොයින් ග්‍රෑම් 33ක් සමඟ කොලොන්නාව නගර සභාව ඉදිරිපිටදී ඊයේ රාත්‍රි තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සංවිධානාත්මක අපරාධ නිවාරණය කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් සැකකරු දෙමටගොඩ වේලුවන පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය පවසයි.

Exit mobile version