බොහෝ ප්‍රදේශවලට අද වැස්ස නෑ

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

කෙසේ වෙතත් සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි.

හම්බන්තොට, මොණරාගල හා පුත්තලම දිස්ත්‍රික්කවල සුළඟේ වේගය විටින විට පැයට කිලෝ මීටර 40 පමණ වැඩි විය හැකියි.

ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Exit mobile version