ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටින ලාංකිකයින් දෙදෙනා යහපත් සෞඛ්‍යයෙන් පසුවෙයි

ජපානයේ යොකොහාමා වරායේ නැංගුරම්ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ කාර්යය මණ්ඩලයේ සිටින ශ්‍රී ලාංකිකයින් දෙදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ජපාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

 

එහි නියෝජ්‍ය තානාපති චන්දන වීරසේන මහතා මේ බව කියා සිටියේය.

එමෙන්ම එම නෞකාවේ සිටින මගීන්ට පමණක් අදාළ රටවල් මාර්ගයෙන් ඉවත්වීමේ පහසුකම් සලසා ඇති බවද ඔහු පැවසීය.

Exit mobile version