කේරළ ගංජා සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ චුන්ඩිකුලම් ප්‍රදේශයේ දී පුදුකුඩුඉරිප්පු පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 6ක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඊයේ (25) රාත්‍රී 7.30ට පමණ මෙම වැටලීම සිදු කර ඇත.

එහිදී සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන් 26, 39 හා 41 යන වයස්වල පසුවෙන ඉරණපලෛ හා වව්නියාව ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

සැකකරුවන් අද (26) දින මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version