වසන්ත කරන්නාගොඩට එරෙහි නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දීමක්

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි නඩුවේ ලිපිගොනු ලබන මස 10 වනදා ඉදිරිපත් කරන ලෙස දේශපාලන පලිගැනීම් පිළිබද සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම නීතිපති දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබේ.

 

අදාල ලිපිගොනු ඊයේ (27) දිනයේ ජනාධිපති කොමිසම වෙත ලබාදීමට නියමිතව තිබුණ ද නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඒ සඳහා වෙනත් දිනයක් ඉල්ලා ඇති බව වාර්තා වේ.

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පලිගැනීමේ චේතනාවෙන් යුතුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පවරා ඇති බවට හිටපු නාවික හමුදාපතිවරයා ජනපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පසුගියදා ප්‍රකාශ කර තිබුණේය.

කෙසේ වුවද ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් වසන්ත කරන්නාගොඩ මහතාට අවස්ථා 04ක දී සිතාසි නිකුත් කර තිබුණ ද, ඔහු මේ වනතෙක් අධිකරණයට ඉදිරිපත්වුයේ නැත.

Exit mobile version