එක්සත් රාජධානියේ ශ්‍රී ලංකාව පිළිබඳ සර්වපාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායම යාපනය ආරක්ෂක සේනා ආඥාපති හමුවේ

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකාව පිළිබඳ සර්වපාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායමේ සභාපති ප්‍රමුඛ දුත පිරිසක්, උතුරේ සිදු කළ සංචාරයක් අතරතුරදි පසුගියදා පලාලි පිහිටි යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙත පැමිණ ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාව හමුවිය.
එක්සත් ජාතින්ගේ ශ්‍රී ලංකාව පිළිබඳ සර්වපාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායමේ සභාපති රනිල් ජයවර්ධන මහතා ඇතුළු පිරිස සුහදව හමුවූ මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා විසින් පශ්චාත් ගැටුම් සමයේ යාපනය අර්ධද්වීපයේ හමුදාමය කාර්යභාරයන් ද සාමය හා සංහිඳියාව ගොඩනැගීමේහිලා යුද්ධ හමුදාව සාමාන්‍ය වැසියන් සමඟ එකමුතුවී සිදුකරන ව්‍යාපෘතින් පිළිබඳවත් පැහැදිලි කළහ.
 
මීට අමතරව, යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු ආරක්ෂක හමුදා භට පිරිස් ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන් හා දානපතියන් එකතුවී ඉටු කරනු ලබන සමාජ සත්කාරක මානුෂිය මෙහෙයුම් පිළිබඳව ද පැමිණ සිටි දුත පිරිසට කරුණු පැහැදිලි කරදුන්හ.
මෙම සුහද හමුව අවසානයේ දී, මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා විසින් පැමිණි දුත පිරිස වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කළ අතර, ඔවුන් නික්ම යාමට පෙර විශේෂ අමුත්තන්ගේ පොතෙහි සමරු සටහනක් ද තබන ලදී.
Exit mobile version