2017 උසස් පෙළ විශිෂ්ටයින්ට තිළිණ ජනපති අතින්

2017 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් සමස්ත ලංකා මට්ටමින් විශිෂ්ට දක්ෂතා දැක්වූ මාතර සුජාතා විද්‍යාලයේ සහ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සිසු සිසුවියන් අද (09) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.
එම දරුවන්ගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඔවුන්ට සිය සුභාශිංසන පිළිගැන්වූ අතර, ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ද සිය ආශිර්වාදය පළකළේය. ඔවුන් වෙත තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
මාතර සුජාතා විද්‍යාලයෙන් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනීසිට ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනූ දිලිනි සදුනිකා පළිහක්කාර, වාණිජ අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනූ එස්.ඒ. දුලානි රසන්තිකා, කලා අංශයෙන් දිවයිනේ සිව්වන ස්ථානය දිනාගත් උචිනි ෂිහාරා සූරියආරච්චි යන සිසුවියන් ද, මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයෙන් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිට ඉංජිනේරු තාක්ෂණවේද විෂයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලැබූ පාරමී ප්‍රසාදි රන්සිරිනි හෙට්ටිආරච්චි  සහ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයෙන් දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය දිනූ බී.ඒ. හසිත් පුන්සර යන සිසු සිසුවියන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Exit mobile version