ඇඳිරි නීතියට පෙර ගම්බිම් බලා යන්න කොළඹින් අමතර බස් හා දුම්රිය සේවාවන්

ඇඳිරි නීතියට පෙර ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා කොළඹින් අමතර දුම්රිය හා බස්රථ සේවාවන් යෙදවීමට කටයුතු යොදා ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

 

සියලු අධිවේගී මාර්ගවලට රථ වාහන ඇතුළු කිරීම අද (20) පස්වරු 4.00 සිට නතර කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

අද පස්වරු 6.00 සිට මුලු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් මෙම තිරණය ගත් බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ.

මේ අතර අද පස්වරුවේ සිට ඇදිරි නීතිය අවසන් වන තුරු දුම්රිය සාමාන්‍ය කාලසටහන ක්‍රියාත්මක නොවන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

අද උදෑසන කොළඹට පැමිණි මගී ජනතාවට යළි ගම්බිම් කරා යාම සඳහා ප්‍රධාන මාර්ගය, උතුරු මාර්ගය සහ මුහුදුබඩ මාර්ගයේ අද පස්වරු 3.00 දක්වා දුම්රිය ගමන්වාර කිහිපයක් පමණක් ධාවනයට කටයුතු යොදා ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

Exit mobile version