කොළඹ පවුල් 1100කට විසිරි නිවාස ණය

කොළඹ දිස්ත්‍රික්කයේ නිවාසලාභීන් 1100කට සිය නිවෙස්වල වැඩ නිමකරගැනීම හෝ අලුත්වැඩියා කටයුතු කරගැනීම සඳහා සැමට සෙවණ විසිරි නිවාස ණය පිරිනැමීම අද (29) අරලියගහ මන්දිරයේ දී සිදු කෙරේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය සඳහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මැති ඇමැතිවරු රැසක් සහභාගිවීමට නියමිතය.
Exit mobile version