ඊයේ සිට අද 4.30 දක්වා කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා වෙලා නෑ

අද(25) පස්වරු 4.30 දක්වා කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියකු වාර්තාවී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පවසයි.

 

Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී අමාත්‍යවරිය මේ බව තහවුරු කළාය.

ඒ අනුව ඊයේ(24) වනවිට මෙරටින් වාර්තා වූ කොරොනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 102ක් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය වැඩිදුරටත් පැවසීය.

Exit mobile version