අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

ජනතාවට අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සැපයීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා පතුරුවන පුද්ගලයින්ට එරෙහිව නිතිමය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

 

එහි දැක්වෙන්නේ ජනතාවගේ යහපත වෙනුවෙන් ගෙන ඇති ඇතැම් තීන්දු පිළිබඳව සාවද්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය වීම හේතුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම තීරණය ගෙන ඇති බවයි.

මෙලෙස සාවාද්‍ය තොරතුරු සමාජ ගත කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ නීතීඥයින් විසින් කොළඹ අපරාධ කොට්ඨාශය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.

Exit mobile version