කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලට යළි දැනුම් ‌දෙන තුරු ඇඳිරි නීතිය

දිවයින පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉවත් කිරිම සහ නැවත පැනවීම පිළිබඳව නව වාර්තාව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර තිබේ.

 

එය පහත පරිදි සිදු කෙරෙනු ඇත.

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු බලපැවැත් වෙයි.

පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චි, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නිතිය මාර්තු 27 සිකුරාදා පෙ.ව 6.00ට ඉවත් කෙරෙන අතර, එදිනම දහවල් 12.00ට නැවත පනවනු ලැබේ.

සෙසු දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නිතිය හෙට (26) බ්‍රහස්පතින්දා පෙ.ව 6.00ට ඉවත් කෙරෙන අතර, එදිනම දහවල් 12.00ට නැවත පනවනු ලැබේ.

Exit mobile version