ඇඳිරි නීතිය වෙලාවේ පාඨලී කළ දෙයක්

ඇඳිරි නීති රෙගුලාසි පනවා තිබියදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නිවසේ රැස්වීමක් සංවිධාන කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය පවසයි.

 

ඇඳිරි නීතිය හේතුවෙන් හොරණ අපනයන සැකසුම් කලාපයේ රැඳී සිටි සේවක සේවිකාවන් 700කට අධික පිරිසක් ඔවුන්ගේ නිවෙස් කරා පිටත් කර යැවීමට යුද හමුදාව පියවර ගෙන තිබුණි.

වෙළෙඳ කලාපවල සේවයේ නියුතු විශාල පිරිසක් පසුගිය දින කිහිපයේම නිවෙස්වෙත යොමු කෙරුණු අතර නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා අද ප්‍රකාශ කළේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ  සිටින එම සේවක සේවිකාවන් සියලු දෙනාම ස්වයං නිරෝධායනයට යොමු කරන බවයි.

මේ අතර හෙට උදෑසන 6ට ඇඳිරි නීතිය ඉවත් කළද බණ්ඩාරවෙල නගර මධ්‍යයේ පවතින ප්‍රධාන වෙළෙඳසල් වසාතබා ජනතාව ගැවසීම අවම කිරීමට බණ්ඩාරවෙල මහ නගර සභාව තීරණය කර තිබේ.‍

Exit mobile version