කොකේන් කිලෝග්‍රෑම් 928ක් විනාශ කරයි

2016 වසරේ දෙසැම්බර් 09 වන දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කොළඹ වරායට පැමිණි නෞකාවක තිබියදී අත් අඩංගුවට ගනු ලැබු කොකේන් කිලෝග්‍රෑම් 928 ක් කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටුවා ඇති පරිශ්‍රයක දී විනාශ කිරීම ආරම්භ කර තිබේ.

එම අවස්ථාව නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද පැමිණ සිටින අතර පොලීසිය පැවසුවේ, මෙම කොකේන් තොගය දියර බවට පත්කර අනතුරුව මුළුමනින්ම දහනය කිරීමට පියවර ගෙන ඇති බවයි.

මෙම මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීම පිළිබඳ ව නීතිපතිවරයාගේ විමසීමෙන් අනතුරුව, විෂ මත්ද්‍රව්‍ය අබින් සහ අන්තරායදායක ආඥා පනතේ වගන්ති ප්‍රකාරව අධිකරණ නියෝගයක් මත විනාශ කිරීම සිදු කොට ඇත.

 

Exit mobile version