කොරෝනා රෝගීන් ගණන 146ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 03 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව146 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

 

අද (01) පස්වරුවේ වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අද දිනය තුළ ආසාදිතයින් තිදෙනකු  තහවුරු වී ඇති බවයි.

ඒ අනුව මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 126 ක් වන අතර , සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගිය සංඛ්‍යාව 18ක් වේ.

වෛරසය ආසාදිතව අයි.ඩී.එච් සහ මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එක් රෝගීයෙක් අද සුවය ලබා  රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

එමෙන්ම වෛරසය ආසාදනය වීමෙන් මෙ වන විට දෙදෙනෙකු මිය ගොස් ඇත.

Exit mobile version