අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම අත්හිටුවයි

අත්‍යවශ්‍ය ඖෂධ හා ඉන්ධන හැර සෙසු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම අත්හිටුවීමට සහ සීමා කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

 

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (02) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළේය.

එහිදි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද අදහස් දැක්විය.

එහිදි ඔහු පැවසුවේ ණය වාරිකයන් කල්දැමීමට ලෝකයේ මුල්‍ය ආයතනවලින් ඉල්ලිමේ යෝජනාව ජනාපති විසින් ඉදිරිපත් කළ බවයි.

එහිදි අදහස් දැක්වු සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ අත්‍යඅවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම තහනම් කිරීමේ අරමුණ ශක්තිමත් දේශිය කර්මාන්ත ආරම්භ කිරීම බවයි.

Exit mobile version