කොරෝනා ආසාදනයෙන් මිය ගිය 6වෙනියාගේ ‍ආදාහනය කොටිකාවත්තේ දී

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙරටදී සිදු වූ හය වැනි මරණය අද (07) උදෑසන අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතන රෝහලෙන් වාර්තා වුණි.

 

දෙහිවල අරුණාලෝක මාවතේ පදිංචිකරුවෙකුව සිටි වයස අවුරුදු 80 ක පුද්ගලයෙකු මෙලෙස මියගියේය.

මාර්තු 27 වනදා කළුබෝවිල රොහලට ඇතුළත් කෙරුණු ඔහු මාර්තු 30 වනදා කොවිඩ් නයින්ටීන් වෛරසය අසාදිතයකු බවට හදුනා ගැනිමෙන් අනතුරුව අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතන ඇතුලත් කරනු ලැබුවේය.

මෙලෙස මියගිය පුද්ගලයාගේ දියණියගේ සැමියා සංචාරක මගපෙන්වන්නෙක් වන අතර ඔහු ඇතුලු මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ මුණුබුරාද ‌මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතන රෝහලේ ප්‍රතිකාර ගනු ලබයි.

ඔහුගේ දේහයේ ආදාහන කටයුතු ජාත්‍යන්තර නිරෝධායන පනතේ රෙගුලාසි වලට අනුකූලව කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සිදුකෙරුණි.

Exit mobile version