ගිනිගත් ඉරාන තෙල් නැව මුහුදේ ගිලෙයි

සතියකටත් වැඩි කාලයක් චීන මුහුදේ ගිනි ගනිමින් තිබූ ඉරාන තෙල් නැව මුහුදේ ගිලී ගිය ගිය බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා ක‍රයි.

ඉරානයේ සිට දකුණු කොරියාවට ටොන් 136,000 ක් පමණ වූ ඛනිජ තෙල් ප්‍රවාහනය කරමින් තිබූ ‘සන්ච්’ නෞකාව නැගෙනහිර චීන මුහුදේ දී චීනයට අයත් හොන්කොං හි ලියාපදිංචි ‘සීඑෆ් ක්‍රිස්ටල්’ භාණ්ඩ ප්‍රවාහක නෞකාවේ ගැටීමෙන් ගිනි ගැනීමට ලක් විය.

එම නෞකාවෙහි තිස් දෙදෙනකුගෙන් සමන් විත කාර්ය මණ්ඩලයක් වූ අතර ඔවුන්ගෙන් කිසිවකු පණ පිටින් බේරා ගත හැකි වේ යැයි බලාපොරොත්තු තබා ගත නොහැකි වූ බව බේරා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ ඉරාන කණ්ඩායමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

‘සන්ච්’ නෞකාව හා ගැටුන ‘සීඑෆ් ක්‍රිස්ටල්’ නෞකාවේ කාර්ය මණ්ඩලය හානියකින් තොරව බේරා ගෙන ඇති අතර තෙල් නැව මුහුදේ ගිලී නොපෙනී ගියත් දියමත ගිනිදැල් හා එමගින් කළු දුමාරයක් ඉහළ නගිමින් තිබූ බව චීන මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේය.

Exit mobile version