සුවය ලැබු තවත් කොරෝනා ආසාදිතයින් 15ක් පිටව යයි

තවත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින් 15 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.

 

නාවික රෝහල, අයි.ඩී.එච් සහ වැලිකන්ද යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

ඒ අනුව වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 584 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ.

රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 434 දෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Exit mobile version