ඇඳිරි නීතිය කඩකළ පිරිස 64000 ඉක්මවයි

පසුගිය මාර්තු මස 20 වන දින උදෑසන 6.00 සිට අද(25) උදෑසන 6.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 64,387ක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

එහිදී වාහන 18,169ක් ද අත්අඩංගුවට ගත් බවයි ‍පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

මේ අතර ඊයේ(24) උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා ගත වු පැය 24 තුළ පමණක් පුද්ගලයින් 1710ක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 557 ක් පොලිස් බාරයට ගෙන ඇත.

මාර්තු මස 18 වන දින සිට අද දක්වා වු කාලය තුළ පුද්ගලයින් 20,497 කට නඩු පවරා තිබේ.

Exit mobile version