ඇවන්ගාඩ් හිටපු සභාපති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට

ඇවන්ගාඩ් සමාගමේ හිටපු සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද(26) දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

 

ඇවන්ගාඩ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරා ගැනීම හේතුවෙන් සිදුවු හානිය සම්බන්ධයෙන් නිශ්ශංක සේනාධිපති මහතා විසින් ජනාධිපති කොමිසම වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණි.

ඊට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද පෙරවරු 09.30 ට කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බවට වාර්තා වේ.

Exit mobile version