සුවය ලැබු සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 732ක්

අද (27) අදෑසන 10.00 වන විට කොවිඩ්-19 ආසාදිතයින් සුවය ලැබු පුද්ගලයින් 20 දෙනෙකු රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

 

ඒ අනුව සුවය ලැබු මුළු අසාදිතයින් ගණන 732ක්.

නාවික රෝහල, අයි.ඩී.එච්, මුල්ලේරියාව, වැලිකන්ද සහ මිනුවන්ගොඩ යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පිරිසක් මෙලෙස සුවය ලබා නිවෙස් වෙත පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 1319 දෙනාගෙන් 732 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා තිබේ.

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 577 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

Exit mobile version