කොවිඩ්-19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 9 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 ආසාදිතයිගේ ගණන 1540ක් දක්වා ඉහළ ගොස් ඇත.
සුවය ලැබු මුළු අසාදිතයින් ගණන 754 ක්.
මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ රොගීන් 776ක් ප්‍රතිකාර ලබමින් සිටියි.
මේ අතර කොවිඩ්-19 ආසාදනය වී මෙරට මිය ගිය පුද්ගලයින් ගණන 10කි.