පෙත්සම් කිහිපයකට දින ලබා දෙන්න ශ්‍රේෂ්ඨාධිකරණය අද රැස්වෙයි

‍කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් නියමිත දිනට කැඳවිමට නොහැකි වූ පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් දින නියම කිරිම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද(30) රැස්වීමට නියමිතව ඇත.

 

පසුගිය මාර්තු මස 24 වනදා සිට 31 දක්වා කාලය තුළ ලබාදී තිබූ පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් ඉදිරිපත් වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ටාර්වරයා විසින් අදාල පාර්ශව වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.

සාමාන්‍යයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සෙනසුරාදා දිනයක රැස් නොවන අතර මෙම කැඳවිම විශේෂත්වයක් වෙයි.

Exit mobile version