අවසන් වරට වාර්තා වු කොරෝනා ආසාදිතයින් 7 දෙනා කටාර් සිට පැමිණි අයයි

ඊයේ(30) රාත්‍රී 11.55 වන විට අවසන් වරට වාර්තා වු කොරෝනා ආසාදිතයින් 7 දෙනා කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

ඊයේ දිනය තුළ පමණක් කොරෝනා ආසාදිතයින් 62 ක් වාර්තා වී තිබේ.

මේ වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1620 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනය තුළ හඳුනා ගැණුනු සෙසු රෝගීන් 55 දෙනා අතර නාවික හමුදා සාමාජිකයින් 25 දෙනෙකු සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඊයේ දිනයේ දී කටාර්හි සිට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 19 දෙනෙකුට ද කොවිඩ් නයින්ටීන් රෝගය වැළදි ඇති බවට තහවුරු වී තිබේ.

කුවේට්හි සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වු පුද්ගලයින් අට දෙනෙකුට සහ මාලදිවයිනේ සිට පැමිණ පුනේයි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු ද එම ආසාදිතයින් 55 දෙනා අතරට අයත්ය.

Exit mobile version