ගෆුර් ගොඩනැඟිල්ල අවටින් සිදුකළ පරීක්ෂණවලින් කිසිදු ආසාදිතයෙක් හමුවී නෑ

කොළඹ ගෆුර් ගොඩනැඟිල්ල සහ එම මාවත අවට ප්‍රජාව අතරින් ඊයේ(30) සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව කිසිදු කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වී නොමැත.

 

කොළඔ කොටුව ප්‍රදේශයේ නාවික හමුදාවට අයත් ගෆූර් ගොඩනැඟිල්ල තුළ සේවා කටයුතුවල නිරත වු නාවික හමුදා සාමාජිකයකු පසුගිය 27 වනදා කොවිඩි 19 ආසාදිතකු ලෙස හඳුනා ගත්තේය.

ඒ අනුව ගෆූර් ගොඩනැඟිල්ල අවට ප්‍රදේශයේ තෝරාගත් පිරිස් පී.සී.ආර් පරීක්ෂණයට ලක්කිරීම සඳහා ජෛව සාම්පල හා රුධිර සාම්පල ලබා ගැනුණි.

කෙසේවෙතත් එම සාම්පල පරීක්ෂාවෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු හඳුනාගෙන නොමැත.

Exit mobile version