මෙරට 11 වන කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 11 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වී තිබේ.

 

කොරෝනා ආසාදිතයෙක් මීට සුළු වේලාවකට පෙර ජීවිතක්ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 45 ක් වු කුවේට්වල සිට පැමිණි පිරිමි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.

ඊයේ(31) රාත්‍රී 11.00 වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1633 ක් දක්වා ඉහළ ගියේය.

Exit mobile version