පළඟැටි උවදුර තවදුරටත්

වගාබිම්වලට දැඩි හානි සිදු කරන පළඟැටි විශේෂයක් පසුගිය දා කුරුණෑගල මාවතගම ප්‍රදේශයෙන් වාර්තාවුණි.

 

අද වන විට එම පළඟැටි විශේෂය ඒ අවට ගම්මාන කිහිපයකටම ව්‍යාප්ත වි තිබෙන බව සඳහන්.

ශරීරය පුරා විහිදුණු කහ පැහැති ඉරි සහිත මෙම පළඟැටියන් සියලුම බෝග වගාවන්ට හානි සිදු කරන බව කෘෂිකර්ම නිලධාරින්ගේ නිරීක්ෂණයට ලක්ව ඇත.

මාවතගමින් වාර්තා වු මෙම පළගැටි විශේෂය මේ වන විට මලන්දෙණිය, උඩගම, මීතැන්වල, මල්වත්ත හා මතව යන ගම්මානවලට ව්‍යාප්ත වි තිබේ.

Exit mobile version