ඉන්දුනීසියානු ජනපති මෙරටට පැමිණෙයි

ජනපති මෙෙත්‍රීපාල සිරිසේන මහතාගේ අාරාධනාවකට අනුව දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දුනීසියානු ජනපති ජෝකෝ විඩෝඩෝ මහතා අැතුළු දුත පිරිස අද (24) මෙරටට පැමිණියේ ය.

ඉන්දුනීසියාවට අයත් විශේෂිත ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ.

මෙම සංචාරය අතරතුරදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්ම අත්සන් තැබීමට නියමිතය.

ඉන්දුනීසියානු ජනපතිවරයා ජනපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අැතුළු රජයේ ඉහළ නියෝජිතයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි.

Exit mobile version