ශ්‍රී ලංකාවේ ග්‍රාම නාමාවලිය යාවත්කාලීන කිරීමට පියවර

නවතම තොරතුරු ඇතුළත්කර ශ්‍රී ලංකාවේ ග්‍රාම නාමාවලිය යාවත්කාලීන කිරීමට රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යයි.

පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ ගම්, නගර සහ මාර්ග රැසක් අලුතින් ඉදි වී තිබෙන අතර ඒවා රජය විසින් ගැසට් මගින් ද ප්‍රකාශයට පත්කොට ඇත.

මෙම කාර්යයේදී ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන්, ආගමික නායකයින් හා විදුහල්පතිවරුන් ආදීන් සමග ද සාකච්ඡා කොට තොරතුරු ලබාගෙන තිබේ.

Exit mobile version