තියුණු ආයුධයකින් පහර දී අයෙක් ඝාතනයට

කඩවත මංකඩ පාර ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

 

මංකඩපාර වෙල්යාය අසළ දී ඇතිවු බහින් බස් විමක් දුරදිග යාමෙන් එක් පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී  ඇති බව පොලීසිය සඳහන් කළේය.

පහර කෑමෙන් තුවාල ලැබු පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ.

ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයම පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.

ඝාතනය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Exit mobile version