දෙහිවල සත්වෝද්‍යානයට අදට වසර 84 ක්

දෙහිවල සත්වෝද්‍යානය ආරම්භ කර අදට වසර 84 ක් සම්පුර්ණ වෙයි.

 

දෙහිවල සත්වෝද්‍යානය ආරම්භ කෙරුණේ 1936 වසරේදී ය.

84 වැනි සංවත්සරය වෙනුවෙන් අද පෙරවරුවේ සත්වෝද්‍යාන භූමියේදී උත්සවයක් පැවැත්විය.

ඒ, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ය.

මෙහිදී සත්වෝද්‍යානයේ සිටින වයස්ගතම සතුන් දෙදෙනාට ආහාරපානවලින් සංග්‍රහ කෙරුණි.

ඒ සඳහා තෝරා ගැනුණේ කිරි ඉබ්බෙකු සහ අලියෙක්

ආසියාවේ පැරණිම සත්වෝද්‍යානය ලෙස හැඳින්වෙන මෙරටට අවේණික හා විදෙස් සත්ත්ව වර්ග රැසක විශිෂ්ඨ එකතුවකින් යුත් දෙහිවල සත්වෝද්‍යානය බෙහෝ දෙනාගේ ආකර්ශනය දිනාගත් ස්ථානයකි.

වාර්ෂිකව මිලියන 1 යි දශම 5 ක පමණ සංචාරකයන් පිරිසක් සත්වෝද්‍යානය නැරඹීමට පැමිණේ.

ක්ෂීරපායි විශේෂ 72 ක්, කුරුළු විශේෂ 65 ක්, උරග විශේෂ 31 ක්, මත්ස්‍ය විශේෂ 89 ක්ද, සමනළ විශේෂ 30 ක්,, කුල 3 කට අයත් උභය ජීවින් ඇතුළත් 3000 ක පමණ සතුන් ප්‍රමාණයන් දෙහිවල සත්වෝද්‍යානයේදී දැකගත හැකියි.

Exit mobile version