හෙරොයින් හා පතරොම් සමග කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට

හුංගම පොලිස් වසමේ බටඅත ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකින් හෙරොයින් සමග සැකකාරියන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඊයේ (08) සවස නිදහස්ගම ප්‍රදේශයේ දී හුංගම පොලිස් නිලධාරින් විසින් මෙම වැටලීම සිදුකර තිබුණි.

එහිදී හෙරොයින් ග්‍රෑම් 52යි මිලිග්‍රෑම් 615ක් සන්තකයේ තබා ගෙන සිටි මෙම කාන්තාවන් තිදෙනා මි.මී 9 වර්ගයේ පිස්තෝලයකට යෙදිය හැකි සජීවී පතරොම් 2ක්, මැගසිනයක්, බෝට්ටු සමග සම්බන්ධ වන සැටලයිට් දුරකථනයක් හා ජංගම දුරකථන 4ක් සමග අත්අඩංගුවට පත් ව ඇත.

සැකකාරියන් තිදෙනා අවුරුදු 32, 28 හා 33 යන වයස්වල පසුවෙන බටඅත, නිදහස්ගම යන ප්‍රදේශයේ පදිංචිකාරියන් බවට අනාවරණය වී තිබේ.

සැකකාරියන් අද (09) දින අඟුණුකොළපැලැස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Exit mobile version