කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 57කට කොවිඩ් ආසාදනය වෙයි

අද (09) දිනයේ දී කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 57 දෙනෙක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

 

පසුගිය දින කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගත් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියා මාස තුනකට ආසන්න කාලයක් කන්දකාඩු මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි පුනරුත්ථාපනයට ලක්කළ අයෙකි.

ඒ අනුව කන්දකාඩු මත්ද්‍රවයන්ට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි රැඳවියන් සහ කාර්ය මණ්ඩලයේ 450කට පිරිසක් මේ වන විට පී.සී.ආර් පරීක්ෂණ සඳහා ලක්කර තිබේ.

මෙම පරීක්ෂාවට ලක් කරන ලද පිරිස අතුරින් මෙම ආසාදිතයින් හඳුනා ගෙන තිබේ.

එසේම අද දින උදෑසන මාරවිල ප්‍රදේශයෙන් ද කොවිඩ් ආසාදිත කාන්තාවක් හඳුනා ගෙන තිබේ.

එම කාන්තාව කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි උපදේශීකාවක් ලෙස සේවය කරන තැනැත්තියක් බවට ද වාර්තා වේ.

Exit mobile version