මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 2620ක්

මහ මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 2620ක් ලැබී ඇති බව මැතිවරණ කොමිශන් සභාව පවසයි.

 

ඉන් පැමිණිලි 1937ක් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයෙන් සහ අනෙක් පැමිණිලි 683 ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ලැබී ඇති බව සඳහන්ය.

පසුගිය 9 වන දා පස්වරු 04.00 සිට ඊයේ (10) පස්වරු 04.00 දක්වා වූ කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 122ක් ලැබී තිබේ.

Exit mobile version