මාලදිවයිනේ සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

රැකියාව සඳහා මාලදිවයිනට ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 178 දෙනෙකු අද (13) දහවල් මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණ ඇත.

 

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් මෙම පිරිස පැමිණ ඇති අතර ඒ්  මාලදිවයිනට අයත් දූපත්වල සංචාරක හෝටල් කීපයක සේවය කරමින් සිටි අය බව වාර්තා වේ.

මෙම කණ්ඩායම මත්තල ගුවන්තොටුපළ පරීශ්‍රයේදී පී.සී.ආර් පරීක්ෂණය සඳහා යොමු කර ඇත.

Exit mobile version