රියදුරන්ගේ නොසැලකිලිමත් බව හේතුවෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීමට යොදා ගත හැකි උපාය මාර්ගයක් ලෙස රියදුරු බලපත්‍රවලට ලකුණු ලබා දීමේ ක්‍රමය නැවත ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු ව තිබේ.
මෙම ක්‍රමය තුළින් නොසැලකිලිමත් බව හේතුවෙන් සිදුවන මාර්ග අනතුරුවල දී එම රියදුරන්ට 0 සිට 24 දක්වා ලකුණු තීරණය වේ.
මාර්ග අනතුරු සිදුකළහොත් එම ක්‍රමය යටතේ ලකුණු 24 සිට පහළට රියන්දුරන්ගේ බලපත්‍රවලට ලැබෙන ලකුණු කැපීයාමක් සිදුවෙයි.
අවසානයේ ලකුණු 0 දක්වා කැපී ගිය පසු රියදුරු බලපත්‍රය අහෝසි වෙනු ඇත.
මෙම ලකුණු ලබා දීමේ ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු ව ඇතැයි ඊයේ (22) ඛනිජ තෙල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.