අපරාධ සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දෙන්න විශේෂ දුරකථන අංක දෙකක්

අපරාධ සම්බන්ධයෙන් තොරතුරු දීමට විශේෂ දුරකථන අංක දෙකක් පොලිස් මූලස්ථානය විසින් හඳුන්වා දී තිබේ.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා මාධ්‍ය සාකච්ඡාවකදී මෙම කරුණු පැවසීය.

එම දුරකථන අංක වන්නේ 1997 සහ 1917 යි.

1997 – මෙම දුරකථන අංකය ඔස්සේ විෂ මත්ද්‍රව්‍ය පිළිබඳව, ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දැනුම් දිය හැකියි. මහජන සාමයට බාධාවක් විය හැකි ක්‍රියාකාරකම් මහා පරිමාණ දූෂණ, සංවිධානාත්මක අපරාධ කල්ලිවල දූෂණ හා කප්පම් ගැනීම් වැනි තොරතුරු මෙම දුරකකථන අංකය ඔස්සේ රහසිගතව ලබා දිය හැකිය.

1917 – මෙම දුකරථන අංකය ඔස්සේ අපරාධ කල්ලි සාමාජිකයන් හෝ වෙනත් කූඨ ගණුදෙනුකරුවන්ගේ නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට පුළුවන්.

Exit mobile version