විදෙස්ගත වී සිටි ලාංකිකයන් 47ක් දිවයිනට

ජපානයේ සහ කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 47ක් අද (31) අලුයම දිවයිනට පැමිණ තිබේ.

 

එම පිරිස අදාළ රටවල සිට ගුවන් යානා දෙකකින් මෙරටට පැමිණි බව අප ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේය.

කටාර් රාජ්‍යයේ සිට පැමිණි පිරිස අතර එරට නාවිකයන් ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු වෙයි.

ඔවුන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.

මේ අතර ගාල්ල වරායේ නවතා ඇති නැවක සේවය කළ ඉන්දීය ජාතික නාවිකයන් 58 දෙනෙකු අද ඉන්දියාවෙන් පැමිණෙන ගුවන් යානයක් මගින් රැගෙන යාමට නියමිත බව අප වාර්තාකරු පැවසුවේය.

Exit mobile version