අංගොඩ ලොක්කාගේ උකුස්සා දෙහිවල සත්වෝද්‍යානයට

පාතාල කල්ලි නායකයෙකු ලෙස සැළකෙන “අංගොඩ ලොක්කා” විසින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමට යොදාගත් බවට සැකකෙරෙන උකුස්සා දෙහිවල ජාතික සත්වෝද්‍යානයට භාර දෙන ලෙස අධිකරණය අද (31) නියෝග කළේය.

 

බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මීගොඩ, නාවලමුල්ල, කනත්තපාර ප්‍රදේශයේ පිහිටි ගොවිපළක කූඩුකර සිටියදී ‍ඊයේ (30) සොයාගත් මෙම උකුස්සා අද (31) අතුරුගිරිය පොලීසිය විසින් හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

ඉන් අනතුරුව මෙම උකුස්සා දෙහිවල ජාතික සත්වෝද්‍යානයට භාර දෙන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

“කුස ඇලි මුහුදු උකුස්සා” නමින් හඳුන්වන මෙම උකුසු විශේෂයට කිලෝග්‍රෑම් 15ක පමණ බරක් ඔසවාගෙන යාමට හැකියාව ඇතැයි සැළකේ.

මේ වර්ගයේ උකුස්සන් විධානයන් අනුව කටයුතු කිරීම සඳහා පුහුණු කළ හැකි බව වනජීවි නිලධාරීන් පවසයි.

Exit mobile version