ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගත කළ අයෙක් අත්අඩංගුවට

ඡන්දය සලකුණු කළ පත්‍රිකාව ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කළ තරුණයෙක් නාවලපිටිය පොලීසිය විසින් අද (05) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

 

නාවලපිටිය ඉඹුල්පිටිය ප්‍රදේශයේ පදිංචි අදාළ පුද්ගලයා අද උදෑසන නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ශාලා අංක 51 දී ජන්දය සලකුණු කර, එය තම ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කර ඇත.

එම අවස්ථාවේ දී ජ්‍යෙෂ්ඨ ඡන්ද නිලධාරියෙකු විසින් එම පුද්ගලයා සහ ජංගම දුරකථනය අත්අඩංගුවට ගෙන මැතිවරණ ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරින් වෙත භාර දී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 32 හැවිරිදි පුද්ගලයෙකි.

අදාළ සැකකරු අද රම්බොඩ හෙල්බොඩ සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නාවලපිටිය පොලීසියේ නිලධාරියෙක් පැවසීය.

Exit mobile version