කෑගල්ලේ තියුණු ආයුධයකින් පහර දී තරුණයෙක් මරුට

කෑගල්ල නගරයේ දී බහින්බස් වීමක් දුර දිග යාමෙන් ඇති වූ ආරවුලකින් පුද්ගලයින් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදීමක් සිදුකර ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

 

ඊයේ (05) රාත්‍රීයේ දී මෙම පහරදීම සිදු වී ඇති බව පොලීසිය පවසයි.

අදාළ පහරදීමෙන් මියගොස් ඇත්තේ 20 හැවිරිදි, වින්සන් වික්‍රමසිංහ මාවත, කෑගල්ල ලිපිනයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය කෑගල්ල රෝහලේ තැන්පත් කර ඇති බව වාර්තා වේ.

අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරු පලා ගොස් ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීමට සඳහා කෑගල්ල පොලීසිය වැඩිදුර විමර්ශනය සිදු කරයි.

Exit mobile version