දිවයිනේ බොහෝ පළාත්වල අහස වලාකුළින් බරව පවතී

දිවයින ආශ්‍රිතව පවතින වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය බලාපොරොත්තු වන අතර දිවයිනේ බොහෝ පළාත්වල අහස වලාකුළින් බරව පවතීන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (30) නිකුත් කළ නිවේදනයේ සදහන් වෙයි.

දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත් වලත් මාතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලට මි.මී. 100 පමණ  තද වැසි ඇති විය හැක.

දිවයිනේ උතුරු අර්ධයේත් මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන (පැ.කි.මී 40 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක.

Exit mobile version