ලංකාවට ඉන්දියාවෙන් ඇරයුම්

නවීකරණය කරන ලද ඉන්දියාවේ කුෂිනගර් ගුවන්තොටුපළ වෙත පළමු ජාත්‍යන්තර ගුවන් යානය ගොඩබැස්සවීම සඳහා ශ්‍රී ලංකාවට ඇරයුම් ලැබී තිබේ.

 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා විසින්  සිදුකළ එම ඇරයුම මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ අවසන් ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කිරීමට පෙර ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් තමාට දුරකථන ඇමතුමක් ලැබීම සම්බන්ධයෙන් සතුට පළ කරන බවය.

Exit mobile version