නුවරඑළියේ බස් රථයක් පෙරළී පාසල් ළමුන් ඇතුලූ නව දෙනෙකුට තුවාල

නුවරඑළිය ඩන්සිනන් ප‍්‍රදේශයේ සිට නුවරඑළිය දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප‍්‍රධාන මාර්ගය හරහා පෙරළීමෙන් එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් ඇතුලූ නව දෙනෙකු තුවාල ලබා ඇති බව නුවරඑළිය පොලිසිය පවසයි.

එම බස් රථය උදැසන 07.40 ට පමණ අනතුරට ලක්ව ඇති අතර අනතුරෙන් එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් සිව්දෙනෙකු වැඩිහිටියන් සිව්දෙනෙකු සහ අවුරුදු හතරක කුඩා දැරියක් තුවාල ලබා නුවරඑළිය මුලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.

බස් රථය අනතුරට පත්වන අවස්ථාවේ බස් රථය තුළ විසිපස්දෙනෙකු පමණ ගමන් කර ඇති අතර අධික වේගයෙන් ධාවනය වි ඇති බස් රථය ලිස්සා ගොස් ප‍්‍රධාන මාර්ගය අභියස තිබු කන්ද හැපි ප‍්‍රධාන මාර්ගයට පෙරළී ඇත.

Exit mobile version