අමෙරිකාවේ ලියවිල්ලක් සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක්

නීති සම්පාදකයින් විසින් එළිදැක්වීමට නියමිත ලියවිල්ලක් සම්බන්ධයෙන් අමෙරිකාවේ FBI සංවිධානය සහ එරට රිපබ්ලිකන් පක්ෂ නීති සම්පාදකයින් අතර මේ වනවිට මතභේදාත්මක තත්ත්වයක් හට ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

පසුගිය ජනාධිපතිවරණයේදී රුසියාව සිදු කළ බව කියන මැදිහත් වීම් සම්බන්ධයෙන් FBI සංවිධානය සිදු කරන පරීක්ෂණ වලදී සිදුවූ අක‍්‍රමිකතා අලලා මෙම ලියවිල්ල සකසා ඇති බවයි වාර්තා වෙයි.

රිපබ්ලිකන් පාක්ෂික නීති සම්පාදකයිනගේ මෙම කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් FBI සංවිධානයට මේ වනවිටත් අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.

Exit mobile version