රජයේ සේවකයින් සතියට එක් දිනක් බතික් හෝ දේශීය ඇඳුම් ඇඳගෙන පැමිණිය යුතු නීතියක් – දයාසිරි

රජයේ සේවකයින්ට සතියට එක් දිනක්, බතික් හෝ දේශීය ඇඳුම් ඇඳගෙන කාර්යාලයට පැමිණිය යුතු නීතියක් ගෙනඒමට පියවර ගන්නා බව බතික් , අත්යන්ත්‍ර රෙදි  හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

 

ඔහු මේ බව පැවසුවේ තමාට ලැබුණු අමාත්‍යාංශය පිළිබඳව මාධ්‍යවේදීන් පිරිසක් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ඔහුගෙන් විමසු අවස්ථාවේ දීය.

පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද (20) පැවැත්විය.

ඉන් අනතුරුව සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය ද පැවැත්වුණි.

ඊට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක්විය.

බතික් , අත්යන්ත්‍ර රෙදි  හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා බතික් ඇඳුමකින් සැරසී එම අවස්ථාවට පැමිණ සිටින ආකාරය ද දක්නට ලැබුණි.

මේ අතර රක්ෂිත බන්ධනාගාරගතව සිටින තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අධිකරණ අවසරය ඇතිව නව වැනි පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම සඳහා එක්ව සිටියේය.

“ජනතාවට වැඩ කරන්න ඕනේ. ඒක තමා ජනතාව මට ඡන්දය දුන්නේ.. වෙන මොකුත් නැහැ.. කතා කරන්න තියෙනවා. නමුත් මම බන්ධනාගාරගත වෙලානේ. පස්සේ කතා කරමු..” යනුවෙන් ඔහු මාධ්‍ය වෙත අදහස් දැක්වීය.

Exit mobile version