අනියම් පෙම්වතිය ඝාතනය කළ දෙදරු පියාට මරණීය දණ්ඩනය

තරුණියක් ගෙළ කපා මරා දැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මරණීය දණ්ඩනය නියම කර තිබේ.

 

49 හැවිරිදි දෙදරු පියෙකුට මෙසේ දඬුවම් නියම විය.

2010 වසරේ මාර්තු මස 6 වනදා පන්නිපිටිය, පරණ කොට්ටාව පාර පිහිටි දුම්රිය ගේට්ටුව අසළ දී තියුණු ආයුධයකින් කපාකොටා 27 හැවිරිදි තරුණියක් ඝාතනය කළේ යැයි නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව චෝදනා එල්ල කර තිබුණි.

මෙම විත්තිකරු විසින් ඝාතනය කළ තරුණිය සමග පෙම් සබඳතාවක් ගොඩනගාගෙන තිබූ අතර විත්තිකරු විවාහක පුද්ගලයකු බව වැටහී ගිය පසු ඇය මෙම සම්බන්ධයෙන් දුරස්වීමට උත්සාහ කර තිබේ.

ඊට පළිගැනීමක් වශයෙන් විත්තිකරු මෙම ඝාතනය සිදුකර ඇති බව ද නඩු විභාගයේ දී අනාවරණය විය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ
මහතා මෙම විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව
ඔප්පු වී තිබෙන බව තීන්දු කළේය.

ඒ අනුව මෙම දඬුවම ප්‍රකාශයට පත් කරන බවද විනිසුරුවරයා පැවසීය.

Exit mobile version