19 අහෝසි කරන්නේ නම් ඊට එරෙහිව සියලු ප්‍රජාතාන්ත්‍රික බලවේග සමඟ අත්වැල් බැඳගැනිමට සූදානම් – සමගි ජන බලවේගය

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ඒකාධිපති ගමනක් සඳහා අහෝසි කරන්නේ නම් එයට එරෙහිව සියලු ප්‍රජාතාන්ත්‍රික බලවේග සමඟ අත්වැල් බැදගනිමින් ක්‍රියාකරන බව සමගි ජන බලවේගය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ රටේ අනාගත ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන මාරාන්තික ප්‍රහාරය පිළිබඳ සියලුම පුරවැසියන්ගේ අවධානය යොමුවිය යුතු බවය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ලැබු ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ අතිමහත් බවත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කරනු ලබන යෝජනාව පසුපස ඇත්තේ අසීමිත බලතන්හාව බවත් එම නිවේදනයේ සඳහන් වේ.

19 වන සංශෝධනය ඉවත්කිරීම යනු ප්‍රජාතන්ත්‍රවාදය ආපස්සට හැරවීමක් වන අතර පුරවැසියන්ගේ අයිතීන් ශක්තිමත් කිරීමක් නොව යටත් වැසියන් පිරිසක් නිර්මාණය කිරීමක් බව රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Exit mobile version