එජාප නායකත්වය ගැන තීරණය තවදුරටත් කල් යයි

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාර මණ්ඩලය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් රැස්වි අභිනව නායකත්වය තෝරා ගැනීම සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබිය.

 

ඒ අනුව පක්ෂයේ ව්‍යවස්ථානුකුලව නව නායකත්වය සැප්තැම්බර් මස මුල් සතියේ කෘත්‍යාධිකාර මණ්ඩලය රැස්වි තීරණය කරන බව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.

එම තීරණයට එළඹ ඇත්තේ ඊයේ (25) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විය.

පක්ෂ නායකත්වය සහ ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය පිළිබඳ මෙහිදී සාකච්ඡාවී තිබේ.

පක්ෂ නායකත්ව අභියෝගය භාරගැනීමට සූදානම් යැයි හිටපු කථානායක කරු ජයසූරිය මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඊයේ යවා තිබූ ලිපිය පිළිබඳව ද මෙහිදී කෘත්‍යාධිකාරී මණ්ඩලය අවධානය යොමු කළ බව වාර්තා වේ.

Exit mobile version